පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (දෙසැම්බර් 11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත කැඳවා තිබුණි.
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ගයන්ත කරුණාතිලක මහතා මෙලෙස කැඳවා තිබූ බව වාර්තා වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක රජය සමයේ කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු ලෙස සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.
අද පෙරවරු 9ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි ගයන්ත කරුණාතිලක මහතා පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.