අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) පවසයි.
යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ කටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බව එහි සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කළේය.
මේ අතර, මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම, අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසුවේය.