රථ වාහන ධාවනය සඳහා විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස අද (දෙසැම්බර් 04) උදෑසන යළිත් රථ වාහන ගමනාගමනය සඳහා සීමා කිරීමට පියවර ගෙන තිබේ.
පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදුවූ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් මෙලෙස ගමනාගමනය යළි සීමා කර ඇති බව ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බැවින්, අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
කඩුගන්නාව පොලීසියෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ, කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධකයක් සහ ගනේතැන්න නගරයෙන් මාර්ග බාධකයක් යොදා අදාළ මාර්ග කොටස වසා දමා ඇති බවයි.