දිවයිනේ ප්රදේශ දෙකක් සඳහා ජනතාවට වහාම ඉවත් වීමට දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කර තිබේ.
අද (නොවැම්බර් 26) උදෑසන 8ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (නොවැම්බර් 27) උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
රතු නිවේදනය බලපැවැත්වෙන ප්රදේශ:
මහනුවර දිස්ත්රික්කය: උඩුදුම්බර
නුවරඑළිය දිස්ත්රික්කය: වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට
මේ අතර, තවත් දිස්ත්රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට ද අනතුරු අඟවා තිබේ.