රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගිය ඔක්තෝබර් 30 වනදා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්ර කොට තිබේ.
විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් පත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිදුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීගනගේ මහතා ඊයේ (නොවැම්බර් 01) අනුරාධපුරයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, වත්මන් වැඩ බලන උපකුලපති සහ ලේඛකාධිකාරීතුමිය අත්තනෝමතික ලෙස උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් ද පළ කර ඇති බවයි.
මෙම ගැටලුව විසඳීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.