‘මෙලිසා’ සුළි කුණාටුවෙන් මියගිය පිරිස 50 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ජැමෙයිකාවෙන් නව මරණ 19ක් වාර්තා වීමත් සමගය.
මෙම සුළි කුණාටුව 1988න් පසු ජැමෙයිකාවට සෘජුවම බලපෑ බලවත්ම සුළි කුණාටුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
සුළි කුණාටුව හේතුවෙන් හයිටි දූපත්හි ද 31 දෙනෙකු මියගොස් ඇති අතර, ඊට ළමුන් 10 දෙනෙකු ද ඇතුළත් ය.
සුළි කුණාටුව හේතුවෙන් ඩොමිනිකන් රාජ්‍යය, ජැමෙයිකාව, කියුබාව ආදී රටවලට බලපෑම් එල්ල වූ අතර, මේ වන විට එය බහමාස් දූපත් පසු කරමින් සිටී.