කොළඹ: ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍ය කරන රබර් බැටන් පොලු තුන් දාහක (3,000) පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි පොලිස් සැපයුම් අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
පොලිස් රාජකාරි සඳහා වසර කිහිපයකින් මෙම බැටන් පොලු ආනයනය කර නොමැති බවද වාර්තා වේ. මෙමඟින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.