වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්වැල්ල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
රාත්රි කාලය පුරාවටම ගින්න කඳු රක්ෂිතය පුරාවට පැතිර ගොස් ඇත.
මේ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවද වාර්තා වේ.
කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක පළ කරන අතර වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.
අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති අතර ගිනි ගැනීම නිසා රක්ෂිතයට දැඩි හානි සිදුව ඇත.