කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගත් අතර, ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දී, නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 06 ක් දැවී ලකුණු 258 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ක්‍රීඩාංගණයට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගයට බාධා එල්ල විය. දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව නිසා තරගය ඉදිරියට ගෙන යාමට නොහැකි වූ අතර, එය අත්හැර දැමීමට සිදුවුණි.
ඒ අනුව, තරගයේ ප්‍රතිඵලයක් නොලැබීම හේතුවෙන් දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවී ඇත.