පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ මාර්තු මස 24 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 14) නියම කළේය.
සමාජ හා සාමයික කේන්ද්‍රියේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ ප්‍රහාරයේ විඳිතයකු වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලාව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.
පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී වූ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබුණද, එම නිර්දේශ මෙතෙක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන නොමැති බවයි.
ඒ අනුව, අදාළ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත.