අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වීම සඳහා ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව ගිය බව ගුවන්තොටුපළ නිලධාරීන් තහවුරු කළේ ය.
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය නිල දූත පිරිසක් ලෙස තවත් නියෝජිතයින් දෙදෙනෙකු සමඟ චීනයේ චෙංඩු බලා පිටත් ව ගිය අතර, මෙම කණ්ඩායම චයිනා එයාර්ලයින්ස් (China Airlines) ගුවන් සේවයට අයත් CA-426 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.15 ට පිටත්ව ගිය බව ද වාර්තා වෙයි.