වැලිගම W15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකා බැලීම සඳහා දෙසැම්බර් 17 වැනිදා දින නියම කර ඇත.
අද (10) දින මෙම නඩුව මාතර මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සෙසු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.