දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජංගම දුරකථන 29ක් සොයා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අද (09) දින බන්ධනාගාර බුද්ධි හා උපක්රමික බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී, මෙම දුරකථන බන්ධනාගාරයේ A, C හා D වාට්ටුවලින් සොයාගෙන තිබේ.
දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රැඳී සිටින අතර, මරණ දඬුවම නියම වී සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිර මැදිරියෙන් ද ජංගම දුරකථනයක් හමු වී ඇත.
එසේම, කුප්‍රකට අපරාධකරුවන් වන “වෙලේ සුදා” සහ “මිදිගම රුවන්” යන අය සිටින සිරමැදිරිවලින් ද ජංගම දුරකථන සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර සිටියේය.