ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම තබා ගැනීමට තීරණය වී තිබේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ දේශීය මෙන්ම ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව දැඩි ලෙස සලකා බැලීමෙන් පසුවයි. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය සියයට 5ක ඉලක්කයක් කරා ගෙන යාමට සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාසය පළ කරයි.