ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඒ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා ලබන 24 වැනිදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය අමතන බවයි.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ විවිධ රටවල් රාජ්‍ය නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවක් ද පවත්වනු ඇත.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක් වන බව ද ප්‍රකාශයට පත් කර ඇත.