හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදාට නියම කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
මෙය සිදුකළේ, ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයක් නිකුත් කරමින්ය.
එම පෙත්සමේදී ගම්මන්පිල මහතා, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ, තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.
එහෙත්, CID විසින් අභියාචනාධිකරණයට දන්වා ඇත්තේ මේ අවස්ථාවේදී ගම්මන්පිල මහතෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.