මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඇති කොටසේ ඉදිකිරීම් කටයුතු අද (17) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් නැවත ආරම්භ කෙරේ.
ඒ අනුව කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටස ආරම්භක අදියර ලෙස ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 8.6ක මුදලක් වෙන්කර ඇති අතර, 2022 මැද භාගයේ ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවූ කටයුතු මෙහි නැවත ආරම්භ කිරීමට නියමිතය.
ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට චීනයේ අපනයන-ආනයන බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය පහසුකමක් සපයනු ලබන බවද සදහන් වේ.
කිලෝමීටර් 37ක දුරට සීමා වන මෙම කොටස 2028 මැද භාගය වන විට සම්පූර්ණ කිරීමට නියමිතය.