එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද (12) ඩුබායිහිදී පැවැත්වේ.
මෙම දිවා රාත්‍රී තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වන අතර ‘A’ කාණ්ඩයට අයත් තරගයක් ලෙස පවත්වනු ලබයි.
ඉතිහාසමය වැදගත්කමක් ගෙනෙන මෙම තරගයේදී පාකිස්තානය සහ ඕමානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මුල් වතාවට මුහුණට මුහුණ ගැසෙයි.
ICC හි පූර්ණ සාමාජික රටක් වන පාකිස්තානයට වසර 73කට වැඩි ජාත්‍යන්තර ක්‍රීඩා අත්දැකීම් තිබේ. ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය 1952 දී ඉන්දියාවට එරෙහිව පැවැත්වුණි.
ICC අර්ධ සාමාජික රටක් වන ඕමානයට ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් මතුවී ඇත්තේ දශකයක් පමණයි. ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර තරගය 2015 දී ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයකි.