2026 මාර්තු 21 සෙනසුරාදා, 00:49
නවතම පුවත්

බොරැල්ලේ අනතුර සිදුකල දොඹකරයේ තිරිංග අක්‍රියව තිබිලා!

බොරැල්ල කනත්ත වටරවුමේදී සිදුවූ මාරක රිය අනතුරට හේතු වූ දොඹකරයේ අංක තහඩුවක් පවා නොතිබූ බවත්, අංකය කඩදාසියක ලියා සවිකර තිබූ බවත් බොරැල්ල පොලිසිය ඊයේ (29) කොළඹ රථවාහන මහෙස්ත්‍රාත් එම්. එස්. රිස්වාන් හමුවේ දැනුම් දුන්නේය. අනතුරට හේතු වූ ප්‍රධාන කරුණු ලෙස රියදුරුගේ තෙහෙට්ටුව, ගංජා පානය සහ දොඹකරයේ බරපතළ තාක්ෂණික දෝෂ රැසක් හෙළි වී තිබේ.

රජයේ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දොඹකරයේ අත් තිරිංග අක්‍රිය තත්ත්වයක පැවති බවත්, තිරිංගවල තෙල් පවා නොතිබූ බවත්ය. එසේම, දොඹකරයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවති අතර, ඇන්ජිම අක්‍රිය කරන ස්විචයක් ක්‍රියාත්මක වී නොමැත. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අධික ලෙස රත්වීම නිසා තිරිංග ක්‍රියාවිරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම දොඹකර රියැදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බවත්, මීටර් 200ක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරීත්වයෙන් තොරව ධාවනය වී ඇති බවත්ය.

අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු දොඹකරය වම් පැත්තට හරවා බොරැල්ල කනත්ත තුළට රැගෙන ගියා නම් මෙම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මෝටර් රථ වාහන පනතට අනුව දොඹකරයක් වැනි රථයක් ධාවනය කරන රියැදුරකු පැය 8ත් 12ත් අතර කාලයක් ධාවනයේ යෙදෙන්නේ නම්, ඊට පෙර පැය 10ක විවේකයක් ලබාදිය යුතුය. නමුත්, අදාළ රථයේ හිමිකරු විසින් සැකකාර රියැදුරුට එවැනි විවේකයක් ලබාදී නොමැති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. දොඹකරය ධාවනය කරන අවස්ථාවේදී රියැදුරු දැඩි තෙහෙට්ටුවකින් මෙන්ම මානසික යෝග්‍යතාවයකින් නොසිටි බවද පොලිසිය සඳහන් කළේය.

මෙම රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් දොඹකර රියැදුරු ගංජා නමැති මත්ද්‍රව්‍යය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍යවරයා වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. පෙරේදා (28) සිදුවූ මෙම මාරක රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් 7 දෙනකු බරපතළ තුවාල ලබා ඇත. මීට අමතරව, යතුරුපැදි 6කට සහ කාර් රථ 2කට හානි සිදුව තිබේ.

සැකකාර රියැදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ සැකකරු ගංජා පානය කර ඇත්තේ අනතුර සිදුවීමට දින 4කට පෙර බවයි. කඩුවෙල සිට කිලෝමීටර් 10ක් පමණ කිසිදු ආබාධයකින් තොරව රථය ධාවනය කළත්, හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත්, තමන්ට හැකි ආකාරයට හානිය අවම කරගැනීමට උත්සාහ කර තිබෙන බවත් නීතිඥවරුන් පෙන්වා දුන්නේය.

දොඹකරයේ හිමිකරුට එම රථයට අදාළව යෝග්‍යතා සහතිකයක් තිබෙන බවත්, මියගිය පුද්ගලයාට සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බවත් සැකකරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

දොඹකරයේ හිමිකරු ඇප මත මුදාහරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එහි රියැදුරු ලබන අගෝස්තු 7 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories