ගාල්ල නගරයේ ප්‍රදේශ කිහිපයක ඊයේ (26) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී මහමෝදර ප්‍රදේශයේ බූරු පිටියක් වටලා කාන්තාවන් 13 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ දියත් කළ මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නීති විරෝධී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමයි. මෙහෙයුම අතරතුර ත්‍රීරෝද රථ ද හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද, රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් පිරිසකට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇත.