ඩුබායි රාජ්‍යයේ සිට මෙරට සංවිධානාත්මක අපරාධ ජාලයක් මෙහෙයවන බවට සැකකෙරෙන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ පුද්ගලයන් සිව් දෙනෙකු “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ හංවැල්ල යතුරුපැදි ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු කණ්ඩායමක් විසිනි.
ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධකයක් යොදා සිදුකළ මෙහෙයුමකදී, මාර්ග බාධකය මගහැර පලා යාමට උත්සාහ කළ සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔවුන් සන්තකයේ තිබී ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 500ක් වූ “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.