එළඹෙන සඳුදා (14) සිට ජූලි 18 වැනිදා දක්වා ශ්රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ විරෝධි සතියක් ප්රකාශයට පත්කර ඇත. නීති විරෝධී පිරමිඩ යෝජනා ක්රමයන්හි විශාල වැඩිවීමක් සිදුව තිබීමත් ඒ හරහා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බවත් යන කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස පිරමීඩ විරෝධි සතියක් ප්රකාශයට පත්කල බව ශ්රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිනිය පවසයි.
පිරමිඩ යෝජනා ක්රමවලට සහභාගි වීම පමණක් නොව, ඒ සඳහා මුදල් යෙදවීම පවා නීතියෙන් තහනම් කර ඇතැයි පැවසූ ඇය මේ තත්ත්වයන්ට නීතිය රකින පිරිස් පවා අසුව ඇති බවත්, එම නිසා මෙලෙසින් සමස්ත ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් අවධාරණය කළාය.