කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.අද (ජූලි 08) දිනයේ කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී, ගාලු මුවදොර වෙළඳාම් සිදු කිරීම සඳහා පුද්ගලයන් 32 දෙනෙකුට පමණක් අවසර ලබා දී ඇති බවත්, නමුත් වසර ගණනාවක් තිස්සේ එහි වෙළඳාම් කළ බොහෝ දෙනෙකුට අවසර හිමි වී නොමැති බවත් වෙළෙඳන් චෝදනා කරති.
වෙළෙඳුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එම ස්ථානයේ වෙළඳාම් කරන පිරිස් 52ක් පමණ සිටින බවත්, එයින් 25ක් පමණ අනවසරයෙන් වෙළඳාම් කරන බවත්ය. වසර ගණනාවක සිට තමන් මෙම වෙළඳාමෙන් ජීවත් වන බැවින්, තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී