හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන *කේ. පුෂ්පකුමාර් හෙවත් "ඉනිය භාරතී"* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
“ඉනිය භාරතී” යනු හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ (සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්) සමීපතමයෙකු ලෙස සැලකේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතුවලට අදාළව බවට වාර්තා වේ. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමට හේතු වූ නිශ්චිත චෝදනා හෝ වැඩිදුර විස්තර මේ වන විට ප්‍රකාශයට පත් කර නොමැත.