පසුගිය 03 වනදා රාත්‍රියේ රාගම, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ආමි උපුල්’ සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් 8 ක් යොදවා ඇති අතර, මියගිය පුද්ගලයාගේ දුරකතන දත්ත උපයෝගී කරගනිමින් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම ‘බටුවත්තේ චාමර’ නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. ‘ආමි උපුල්’ යනු ‘ගනේමුල්ලේ සංජීව’ නමැති තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවද වාර්තා වේ.