බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු අද (26) පස්වරුවේ සියදිවි හානි කරගැනීමට උත්සාහ කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.වාර්තාවලට අනුව, මෙම රැඳවියා විශේෂ කාණ්ඩයේ අපරාධකරුවන් රඳවා සිටින මැදිරියක සිට ඇත. ඔහු සිය සිර මැදිරිය තුළදීම සියදිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති අතර, එය දුටු බන්ධනාගාර නිලධාරීන් වහාම ඔහුව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, අවාසනාවන්ත ලෙස ඔහු පසුව මිය ගොස් ඇති බව තහවුරු වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.