හිටපු සෞඛ්‍යය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අධිචෝදනා ගොනු කර තිබේ.මෙම අධිචෝදනා, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණාට එරෙහිව චෝදනා 43ක් ගොනු කර ඇත. අල්ලස් කොමිසම විසින් ඔවුන්ගේ වත්කම් පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් විත්තිකරුවන් මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ අතර, පසුව ඔවුන් ඇප මත මුදා හැරිණි.