2025 ජූනි 27 සිකුරාදා, 17:27
නවතම පුවත්

පොලිස් ලොක්කෝ 32කට ස්ථාන මාරුවීම්

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 32 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි කරන ජේ.ආර්. ඩයස් මහතාට එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ද ආවරණය කිරීමට සිදුවනු ඇත.

ස්ථාන මාරු කරන ලද නිලධාරීන් අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ.

මීට අමතරව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ද ජූලි මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ සේවා අවශ්‍යතා මත, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආයතනික පරිපාලන කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇත. බන්ධනාගාර මූලස්ථානයට අනුව, මෙම ස්ථාන මාරුවීම් අතර විශේෂ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 13 දෙනෙකු සිටිති

නවතම පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...

උණුසුම් පුවත්

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
web 11
අධිකරණය සංදර්ශන පැවැත්වීම සඳහා නඩු කැඳවන්නේ නැහැ
අධිකරණය සංදර්ශන...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...
web 10
පක්ෂ විනය කඩවීමෙන් පුත්තලම නගර සභිකයෙකුට සජබෙන් රතු එළිය
පක්ෂ විනය කඩවීමෙන්...

දේශපාලන

555
පෝට් සිටි මුහුදේ අතුරුදන් වුනු සිසුවාගේ මල සිරුර සොයා ගැනේ
කොළඹ වරාය නගරයේ...
Web image new template new (1)-Recovered-Recovered
මාලිමාවේ අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි
අද (27) ජාතික ජන...
111
වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි
පළමු වරට ජපානය විසින්...
321
JICA, ADB, ලෝක බැංකුවෙන් ආණ්ඩුවට රතු එළියක්
JICA, ආසියානු සංවර්ධන...

Categories