2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:21
නවතම පුවත්

අලුත් පාලමක් එනතුරු ශ්‍රීපාද මාර්ගය වැසේ!

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා දිවෙන මාර්ගයේ කොටසක්, හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින 10ක කාලයක් සඳහා වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ, අදාළ මාර්ගයේ පිහිටි පාලමක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බැවින්, ඒ වෙනුවට නව බේලි පාලමක් ඉදිකිරීමටයි. අද (ජුනි 14) සිට ජුනි මස 24 වන දා දක්වා, දින 10ක කාලයක් සඳහා මෙම මාර්ගය වසා තැබෙනු ඇත.

මාර්ගය වසා තබන කාලය තුළ, කොළඹ සිට මෙම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට කළුගල, පොල්පිටිය, ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය හෝ හැටන්-නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා සිටී.

මෙම අබලන් පාලම පිහිටා ඇත්තේ අදාළ මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේ, කැලණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහාය. මෙම පාලම වසර 4ක පමණ කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතී ඇති අතර, පවතින අධික වර්ෂාවත් සමඟ එය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories