එක්සත් ජනපදයේ දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් අතර මතභේදාත්මක තත්ත්වය මේ වන විට තීව්‍ර වී ඇති අතර, එය ටෙස්ලා සමාගමේ කොටස් මිලෙහි විශාල කඩා වැටීමකට ද හේතු වී තිබේ.
ඇමෙරිකානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඊලෝන් මස්ක් සමඟ කතා කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවත්, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පිළිබඳ තමා කිසිදු තැකීමක් නොකරන බවත්ය. කෙසේ වෙතත්, ටෙස්ලා සමඟ මස්ක් හොඳින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් සඳහන් කළේය. එසේ වුවද, ෆෙඩරල් රජය සමඟ මස්ක්ගේ පුළුල් ගිවිසුම් සමාලෝචනය කිරීම සුදුසු බව ට්‍රම්ප් අවධාරණය කර තිබීම විශේෂත්වයකි.
මෙම ප්‍රකාශයන් සිදුවූයේ, මස්ක් පසුගිය දිනක “එක්සත් ජනපදයේ නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට කාලය පැමිණ ඇති බවට” ප්‍රකාශ කර තිබූ පසුබිමකය. මීට පෙර, ඊලෝන් මස්ක් විසින් ජනාධිපති ට්‍රම්ප් “දෝෂාභියෝගයකට ලක් කළ යුතු” බවට ද පවසා තිබීම දෙදෙනා අතර පවතින අර්බුදයේ තීව්‍රතාවය පෙන්නුම් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන්, ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් මිල පසුගිය ජුනි 5 වන දින 14%කින් පහත වැටී තිබූ අතර, ඉන් සමාගමට අහිමි වූ වෙළෙපොළ වටිනාකම ඩොලර් බිලියන 150කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශ සහ මස්ක්ගේ දේශපාලන අදහස් හමුවේ මෙම දෙදෙනා අතර ගැටුම තවදුරටත් උත්සන්න වනු ඇතැයි දේශපාලන හා ආර්ථික විචාරකයෝ මත පළ කරති.