මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.ඊයේ රාත්‍රී 6.57ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කෙරෙනු අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකරනු ලැබුවේ ශ්‍රී දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාය.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදුවුණි.අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රධානතම අංගයක් වූ දිය කැපීමේ චාරිත්‍රය, අද අලුයම් කාලයේ දී ඉටු කෙරුණා. ඒ, ගැටඹේ මහවැලි ගංදිය කපනා තොටදීය.අවසන් මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින අලුයම ගැටඹේ මහවැලි ගංතොට දක්වා පැමිණෙන සිව් මහා දේවාල දිය කැපීමේ පෙරහර, පුරාණ චාරිත්‍රානුකූලව එම කාර්ය සිදු කොට නැවතත් දේවාල කරා පැමිණීම සිදු කරනවා. ඉන් පසු දහවල් පෙරහර පවත්වා, පෙරහර මංගල්‍ය සාර්ථකව නිම කළ බවට දියවඩන නිළමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත පෙරහර සන්දේශය බාර දීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.