2025 ජූනි 04 බදාදා, 22:55
නවතම පුවත්

පෙරලුණු බසයේ සිටි මගීන්ගේ බඩු මුට්ටු කොත්මලේ පොලිසියෙන් ලබාගන්න

රම්බොඩදී අනතුරට පත් බස් රථයේ සිටි මගීන්ගේ ගමන්මලු, ජංගම දුරකථන හා … අනෙකුත් බඩු භාණ්ඩ කොත්මලේ පොලිසියේ සුරක්ෂිතව ඇතැයි ද තම අනන්‍යතාව පෙන්වා ඒවා ලබා ගත හැකි බව ද කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා පවසයි.

මෙම බස් රථය පසුගිය 11දා අලුයම හතරයි තිහට පමණ අනතුරට පත්ව මද වෙලාවකින් ඒ අසල පදිංචිකාරියක වන වසන්ති කුමාරි නමැති කාන්තාව සිදු කළ දැනුම් දීමට අනුව තමා හා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බව පවසන ස්ථානාධිපතිවරයා ගමේ අයගේ සහයෙන් තමා වෙත ලැබුණු ජංගම දුරකථන 35 ක් ගමන්මලු හා අනෙකුත් දෑ පොලිසිය තුළ තබා ඇති බවද පැවසීය. තම අනන්‍යතාව තහවුරු කර එම භාණ්ඩ හා ජංගම දුරකථන ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර බස් රථයේ කොන්දොස්තරවරයාගේ ටිකට් පොත හා එකතුව තිබූ මුදල් සොයා ගැනීමට නොහැකිව ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. බසයේ රියැදුරු මියයාම හා කොන්දොස්තරවරයා රෝහලේ ප්‍රතිකාර ලැබීම නිසා බසයේ ගමන් ගත් නිශ්චිත මගීන් සංඛ්‍යාව සොයාගත නොහැකි බව ද හෙතෙම පැවසීය.

මෙම ටිකට් පොත සොයා පොලිසිය, යුද හමුදාව හා ගම්වාසීන් බොහෝ ස්ථාන පරීක්ෂා කළ ද එය මේ වනතුරුත් හමුවී නොමැති බව පැවසේ

නවතම පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
Web image new template new (1)-Recovered-Recovered (2)
හොර ඩයි බෙදූ ව්‍යාපාරිකයා දැලේ ! වසර 5 කට අත්හිටවූ සිර දඩුවම්
පාරිභෝගික කටයුතු...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...

උණුසුම් පුවත්

web 11
කුච්චවේලියේ නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ගැටුමක්
කුච්චවේලියේ නාවික...
web 10
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන් බලපෑම් - පැල්වත්ත සීනි සමාගමේ ලොක්කා ඉල්ලා අස් වෙයි
ෆේස්බුක් සටහනට හඳුන්නෙත්තිගෙන්...
web 09
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ චන්ද්‍රිකා දුරකථනයක් ඇතුළු ජංගම දුරකථන කිහිපයක්
පිල්ලෙයාන්ගේ කාර්යාලයේ...
web 08
ජනාධිපති අරමුදල උතුරට
ජනාධිපති අරමුදල...

දේශපාලන

web 06
සෑම සිසුවෙකුටම අනන්‍ය ශිෂ්‍ය හැඳුනුම්පතක් සහ අද්විතීය දත්ත ගොනුවක්!
සෑම සිසුවෙකුටම අනන්‍ය...

Categories