අධිකරණය වෙත භාරවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද (07) නියෝග කළේය. ඒ කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව විරුද්ධව නඩු පවරා තිබුණු අතර, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.