අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත 2025.04.30 රාත්රි කාලයේ දී අන්ක 517/4, පෙරගිරිගම , කතරගම ප්රදේශයේ පදිංචිව සිටි අවුරුදු 45 වයසැති කාන්තාවක තියුණු ආයුධයකින් කපා කොටා දෙඅත් ශරීරයෙන් වෙන් කොට ඝාතනය කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්රාදේශීය සභා මුරකරුවෙකු ලෙස කටයුතු කරන, 45/1, සෙල්ලපාර, මයිලගම ප්රදේශයේ පදිංචි අවුරුදු 40 වයසැති ටී.ජී.චමින්ද සනත් කුමාර නමැති පුද්ගලයා අත්අඩන්ගුවට ගෙන ඇත.