2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:43
නවතම පුවත්

දියලුණු මිල දියවෙයි

දියලුණු මිල දියවෙයි
දියලුණු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් විසිපහක් පමණ වන බැවින් මේ වන විට රුපියල් එකසිය අසූවකට වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන දිය ලුණු කිලෝවක් ඉදිරියේදී රුපියල් පනහකට අලෙවි කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා මුවන්ගල, උක්සිරිපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළෙඳපොළේ සීනි අලවිය ව්‍යාපාරිකයන් පස්දෙනකුගේ ඒකාධිකාරය යටතේ පවතින බැවින් සීනි මිලද මෙලෙස ඉහළගොස් ඇති බවයි.
එබැවින් දේශීය වෙළෙඳපොළේ අලෙවි කිරීමට නොහැකි නම් විදෙස් රටවල් වෙත අපනයනය කර හෝ සීනි ඒකාධිකාරිය බිඳ දමා සීනි කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
හිඟුරාණ ගල්ඔය සීනි කර්මාන්තය සියයට පනස් එකක් රජය සතු නමුත් එම අයිතිය රජයට නොලැබෙන බව පැවැසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තවමත් මේ සම්බන්ධයෙන් සමාගමට බලපෑම් සිදුනොකළ නමුත් නීත්‍යානුකූලව අදාළ පියවර ගැනීමට කටයුතු කරන බවයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories