අවුරුදු සමය වෙනුවෙන් බඩු මලු ලබාදීම සඳහා වෙන් කර තිබුණේ රුපියල් මිලියන 1000ක මුදලකි.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ එම මුදල රුපියල් මිලියන 1500 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවයි.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අපි 5000ක බඩු මල්ලක් 2500 ට දෙනවා. අස්වැසුම නැති නමුත් අස්වැසුම අපේක්ෂාවෙන් ඉන්න ලක්ෂ 8ක් පමණ වන අයැදුම්කරුවන්ට මේ සහනය දෙනවා. ඒ සඳහා ලංකා සතොස ආයතනය සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවා කටයුතු කරනවා.
නාඩු සහල්, ලොකු ලූනු, අල, පරිප්පු,සැමන්,රතු සීනි, පාං පිටි, සමපෝෂ ,සෝයා ඇතුළත්ව කිලෝ ග්‍රෑම් 15-17 අතර බඩු මල්ලක් අප ලබා දෙනවා” යැයි අමාත්‍යවරයා කීය.