ඊශ්රායල් රජය හා ශ්රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ .
එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්රී ලාංකික තරුණයින් 1,082 දෙනෙකු ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන අතර ඊශ්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (10) කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස ඊයේ දිනම ඊශ්රායලය බලා පිටත්ව ගියහ.
එසේම තවත් 177 දෙනෙකු ඊශ්රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.