ස්පාඥ්ඤයේ පර්යේෂණ සංවිධානයක් වන කොන්රික් ටෙනරීස් නම් සංවිධානයේ ගවේශකයෙකු විසින් පසුගිය සතියේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙරළට ආසනයෙන් (Black Seadevil) නම් ඇන්ග්ලර් මත්ස්‍යයෙකු තම කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත් වී තිබේ.
“කළු මුහුදු රාක්ෂයා” ලෙසද හැඳින්වෙන ඇන්ග්ලර් මත්ස්‍යයා ජල මතුපිට සිට මිටර් 1500ක් පමණ පහල සූර්යා ළගා නොවන ගැඹුරු මුහුදේ ජීවත් වේ.
වර්තමානය වන වනතෙක්ම හමු වී ඇත්තේ මියගිය වැඩිහිටි මත්ස්‍යයන් හෝ සබ්මැරීන් ආධාරයෙන් සිදු කරන ගවේෂණවලදී දැක ඇති මත්ස්යයිිින් පමණයි. මෙම මත්ස්‍යයා දහවල් කාලයේදී හමුවී තිබීම විශේෂ වන අතර පර්යේෂකයන් පවසන්නේ මුහුදු මතුපිට ජීවී මත්ස්‍යයෙකු ලෙසින් පළමු ඇන්ග්ලර් මත්ස්‍යයා මෙම මත්ස්‍යයා බවයි.