2026 මාර්තු 24 අඟහරුවාදා, 22:09
නවතම පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ හේතුවෙන් මෙරටට හිමි විය යුතු වන්දි අය කර ගැනීමේ කටයුතුවලදී එම වන්දි ගෙවීමේ කටයුතුවලට සම්බන්ධ විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශන වලට රහසිගත වාර්තාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පරිසරය ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් රහසිගත කවරයක බහා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තේය.

මෙම නඩුව මීට පෙර විභාගයට අවස්ථාවේදී පෙත්සම්කාර ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න ඇතුළු නීතිඥවරු දක්වමින් මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට අය විය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියේදී විදේශීය රක්ෂණ සමාගමක් විසින් යම් පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇති කරුණ පිළිබඳ විමර්ශනය කරන ලෙස එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දී තිබුණි.

මීට අදාළව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත් නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම කරුණට අද‍ාළව අල්ලස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙන බවත් නඩු විභාගයේදී කරුණු අනාවරණය විය.

එම කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කර තිබුණි.

ඒ අනුව මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

අද පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේදී සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories