වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා පසුගිය 04 වනදා නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් මහත් අන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබුණි .
නීතිපතිවරයා විසින් එසේ නිදහස් කිරීමට නිර්දේශ කරනු ලැබ ඇත්තේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ සෙබළෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනෙකි.
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරනු ලැබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට සම්බන්ධ චූදිතයන් තිදෙනෙකුට විරුද්ධව තවදුරට ත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව නීතිපතිවරයාගේ අත්සනින් ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබිණි.