2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:10
නවතම පුවත්

පුංචි ඡන්දය තවත් කල් යයි

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වාදෙන්නේ පෙබරවාරි 18 වැනිදා ආරම්භ වන අයවැය විවාදයෙන් පසුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තීරණයකට එළඹ තිබීමයි.

පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

පනත් කෙටුම්පතේ විධිවිධාන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට පෙත්සම් කිහිපයක් ගොනුකර තිබේ.

මැතිවරණය කැඳවා කල් දැමූ පළාත් පාලන ආයතනවලට අදාළව අලුතින් නාමයෝජනා කැඳවීම සහ මැතිවරණ පැවැත්වීම සඳහා පනත් කෙටුම්පත මගින් විධිවිධාන සලසා ඇත.

Sunday Time වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත්තේ, අධිකරණයේ තීරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් අලුතින් නාමයෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර එම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු බව සහ මැතිවරණයට අවශ්‍ය කටයුතු සකස් කළ යුතු බවයි.

මෙම ක්‍රියාවලිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් සිදුවන බව ද ඔහු පවසයි..

සියලු පාර්ශ්ව එකඟ වුවහොත් අයවැය විවාදය අතරතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය කැමැත්ත පළකර තිබේ.

මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට මාස තුනකට නොඅඩු කාලයකදී මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු ආරම්භ කළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories