2025 අගෝස්තු 15 සිකුරාදා, 23:10
නවතම පුවත්

අපරාධ දැනුම් දෙන්න දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමට පොලිසිය 1997 යන කෙටි දුරකතන අංකය හඳුන්වා දී තිබෙන අතර පැය 24 පුරා විවෘතව පවතී. ඒ අනුව මෙම කෙටි දුරකතන අංකයට විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, මහා පරිමාණ දූෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා, රජයේ වාහන හා දේපොළ අවභාවිතා කිරීම, සැඟවීම හෝ පැහැර ගැනීම සම්බන්ධව තොරතුරු දැනුම් දිය හැකියි.

එසේම පොලීසිය දැනුම් දෙන්නේ විදේශ සංචාරකයින්ට සිදු වන හිරිහැර, කරදර හෝ ආරක්ෂාවට බලපාන කරුණු, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක නවක වද සිදුවීම්, පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන වංචා, අල්ලස් ලබා ගැනීම වැනි අකටයුතුකම් හා පරිසර වැරදි පිළිබඳ තොරතුරුද එම අංකයට දැනුම්දිය හැකි බවයි.

වැඩබලන පොලිස්පතිවරයා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, එම දුරකතන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටයි

එහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය, පොලිස් මූලස්ථානයට අනුයුක්තව විශේෂ කාර්යාංශ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

පොලිසිය පැවසුවේ, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටින මහ ජනතාවට දමිළ බසින් “107” කෙටි දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories