මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අද (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ 2014 වසරේදී බිංගිරිය, නාරම්මල යන ප්‍රදේශයන්වල ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මගින් රුපියල් මිලියන 6.1 ක් මුදලක් ලබාගෙන එම මුදලින් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා එම මුදල අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි .
ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම නිතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන සිදු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා සහ බිරිඳ හෙට දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි