2025 අගෝස්තු 15 සිකුරාදා, 23:37
නවතම පුවත්

දුර්ලභ කෙටි කන් බකමූණෙක් ලංකාවට ඇවිත්

දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු පසුගියදා මෙරටින් දැක ගැනීමට හැකිවී තිබේ.

පක්ෂි නිරීක්ෂකයකු වන මෝදිත කොඩිකාර ආරච්චි පවසන්නේ තමන් ජීවත් වන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ දී සවස් යාමයක පක්ෂියා නිරීක්ෂණය වූ බවයි.

සිය දෛනික නිරීක්ෂණ අතරතුර කොඩිකාර ආරච්චි, අහස හරහා විශාල බකමූණෙකුගේ ඡායාවක් දැක තිබේ.

පක්ෂියා කිහිප වතාවක් අහසේ රවුමට පියාසර කර ඇති අතර වෙරළ දෙසට පියඹා යෑමට පෙර පක්ෂියාගේ ඡායාරූප කිහිපයක් ගැනීමට කොඩිකාර ආරච්චි සමත් වී ඇත.

පක්ෂි නිරීක්ෂක මෝදිත කොඩිකාර ආරච්චි විසින් අත්තිඩිය අහසේදී කැමරාවට හසුකර ගත් කෙටි කන් බකමූණා
පසුව ඔහු මෙම පක්ෂියා කෙටි කන් බකමූණකු (ආසියෝ ෆ්ලැමියස්) ලෙසත් ශ්‍රී ලංකාවේ කලාතුරකින් වාර්තා වන සංක්‍රමණික පක්ෂි විශේෂයක් ලෙසත් හඳුනාගෙන තිබේ.

ඔහු සැක පළ කරන්නේ ඔහුගේ ඡායාරූප කෙටි කන් බකමූණකු මෙරටින් හසුකර ගත් පළමු ඡායාරූප සාක්ෂිය බවටයි.

කෙටි කන් බකමූණා කහ පැහැති ඇස්, පැල්ලම් සහිත දුඹුරු පිහාටු සහ සුවිශේෂී කෙටි කන් දෙකකින් යුක්තය.

පක්ෂියා පිළිබඳ ඇති වාර්තාවලට අනුව දිවා කාලයේ දඩයම් කිරීම පුරුද්දක් කරගත් මධ්‍යම ප්‍රමාණයේ බකමූණූ විශේෂයකි.

උතුරු අර්ධගෝලය පුරා තණබිම් සහ වගුරු බිම් වැනි විවෘත වාසස්ථානවල දක්නට ලැබේ.

බොහෝ විට ශීත ඍතුවේ දී කෙටි කන් බකමූණා දකුණු දෙසට සංක්‍රමණය වේ.

කොළඹින් මෙම පක්ෂියා දැකගත හැකිවීම නිසා පක්ෂියාගේ සංක්‍රමණික මාර්ග සහ වාසස්ථාන පිළිබඳ කුතුහලය දනවන ප්‍රශ්න මතු කරයි.

මෙම දර්ශනය නාගරික ජෛව විවිධත්වයේ වැදගත්කම සහ එය ලේඛනගත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයන් ඉටු කරන කාර්යභාරය ඉස්මතු කරන බව ප්‍රවීණ පාරිසරික නීතිඥයකු සහ පක්ෂි නිරීක්ෂකයකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේය.

නාගරික සංවර්ධනය මධ්‍යයේ විවිධ පක්ෂින්ට කොළඹ තෝතැන්නක් වී ඇති ආකාරය ආචාර්ය ගුණවර්ධන අවධාරණය කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories