නිවසේ ජල පොකුණට වැටී මාස 19ක් වයසැති දරුවෙකු මියගොස් ඇති බව වාද්දූව පොලීසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් වේ.
මව සහ පියා නිවසේ සිටියදී මියගොස් ඇති දරුවා නිවස ඉදිරිපිට එළිමහනේ ඇති ජල පොකුණ අසල රැඳී සිට තිබෙනවා.
පසුව දරුවා දක්නට නොලැබුණු බැවින් සිදුකළ සොයාබැලීමේදී ජල පොකුණට වැටී සිටියදී සොයාගෙන තිබේ.
මෘතදේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර, වාද්දුව පොලිසීය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.