වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව – මහවැලි ගඟ ද්‍රෝණියේ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් දිඹුලාගල,එච්චලපට්ටෙයි,හිඟුරක්ගොඩ,කන්තලේ,කින්නියා,කෝරලේපත්තු උතුර,ලංකාපුර,මැදිරිගිරිය,මුතූර්,සේරුවිල,තමන්කඩුව,තම්පලක්කමම් සහ වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටද
- මල්වතු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටද
- මුන්දෙණි ආරු ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට
ගංවතුර අනතුරු ඇඟවීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම සේනානායක සමූද්‍රයේ වාන් දොරටු 5ක් අඟල් 6 බැගින් විවෘත කෙරෙන බැවින් ඒ ආශ්රිත පහත් බිම් වල ජනතාවටද අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.