2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

විපක්ෂය පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක විපක්‍ෂයේ නියෝජනය වැඩිකරන තුරු ඒවාට නියෝජිතයන් පත්කිරීමෙන් හෝ නිල වශයෙන් එම කාරක සභා සඳහා සහභාගි වීමෙන් වළකින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

‘ඩේලි මෝර්නින්’ වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව වැනි වැනි කාරක සභාවල විපක්ෂය නියෝජනය වැඩිකරන ලෙස විපක්ෂය ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ හිටපු සහ වත්මන් කථානායකවරුන් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිය ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

“විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට නිල වශයෙන් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට සහභාගි විය හැකියි. කෙසේවෙතත්, ඒ සඳහා පත්කිරීමට අවසර ඇත්තේ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් හතරදෙනෙක් පමණයි. පසුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් පමණක් තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් මෙම කාරක සභාවේ සිටියා. එහෙත් දැන් දේශපාලන පක්‍ෂ 12ක් විපක්‍ෂයේ සිටින විට දැනට තිබෙන නියෝජනය වන මන්ත්‍රීවරුන් හතරදෙනෙකුගේ සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි හිටපු කථානායක අශෝක රන්වල මහතාට මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඔහු ඉල්ලා අස්වීමෙන් පසු වත්මන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සමඟ අප ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඔහු පැවසුවේ ඒ පිළිබඳව සොයා බලන බවයි. අපි පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් හමුවුණා. එතුමා කිව්වා අපිට නම්‍යශීලී විසඳුමක් ලබාදෙනවා කියලා. නමුත් තවමත් කිසිවක් සිදුවී නැහැ,” මන්ත්‍රීවරයා පවසයි.

විපක්ෂයේ නියෝජිතයන් නම්කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය මුදල් කාරක සභාවට සහ උපදේශක කාරක සභාවලට පමණක් බව සඳහන් කළ ගයන්ත කරුණාතිලක පවසන්නේ, නියෝජනය පිළිබඳ ගැටළුව විසඳන තුරු සෙසු කමිටු සඳහා නියෝජිතයන් පත්නොකරන බවයි.

පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා මගින් හසුරුවන විෂයයන් පිළිබඳව බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි උනන්දුවක් දක්වන බවත්, ඔවුන්ගේ නියෝජනය වැඩි වූ පසු විපක්ෂය සක්‍රීයව දායක වී අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහතික වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories