පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
වගා හානි පිලිබද තක්සේරු කිරීම් සියයට 95ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේ ය.
මේ වන විට වගා හානි තක්සේරුකිරීමේ කටයුතු යාපනය, කිළිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මන්නාරම ආදී ප්‍රදේශවල අවසන් අදියරේ පවතියි.
සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන වලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබුණු පසු අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවයි.