2025 අගෝස්තු 15 සිකුරාදා, 16:58
නවතම පුවත්

වැරදි සේරම හරියටම හදනකන් පාර්ලිමේන්තු වෙබ් පිටුව වහන්නැයි අධිකරණ ඇමැති ඉල්ලයි

තමන් ඇතුළු පිරිස පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ මහජන සේවය සඳහා බැවින් සිත් පීඩාවක් ඇති නොවන අයුරින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය නිර්මාණය කරන ලෙස ද අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරුන්ගේ තනතුරු නාම ආදිය සම්බන්ධයෙන් පැන නැගෙන ගැටලු පිළිබඳ අදහස් පළ කරමින් ඇමැතිවරයා සඳහන් කළේ සියලු නිවැරදි කිරීම් කරනතුරු අදාළ වෙබ් අඩවිය තාවකාලිකව හෝ වසා දමන ලෙසයි.

තමාගේ නම පමණක් නොව තවත් මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විස්තර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වැරදි ලෙස උඩුගත කර ඇති බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇති තොරතුරු වසර දහයක් යනතුරු නැවත නැවත බැලිය හැකි බව පැවසූ ඇමැතිවරයා මන්ත්‍රීවරුන් අපහසුතාවයට පත් නොවන පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවිය පවත්වාගෙන යා යුතු බවද පැවසීය.

“පාර්ලිමේන්තු වෙබ් අඩවිය අත්හිටුවා දෝෂ නිවැරදි කර සියයට සියයක්ම වැරදි නිවැරදි කර නැවත විවෘත කරන ලෙස මම මහලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඔහු පැවසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories