2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:05
නවතම පුවත්

ලංගම ඩිපෝවේ මුරකරු ඝාතනය කර මුදල් හොරකම් කරලා

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර ඩිපෝව තුළ බැංකුගත කිරීමට තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදල් කිසියම් පිරිසක් සොරකම් කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ, අදාළ ඩිපෝවේ මුරකරුවෙකු වශයෙන් සේවය කළ නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ලෝගෙෂ්වරන් නැමති 85 හැවිරිදි අයෙකි.

මුරකරු ඝාතනය කර ඩිපෝවේ අල්මාරියක් තුළ තිබු රු ලක්ෂ 9කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මුරකරු ඔහුගේ ආරක්ෂක කුටියේ රැඳී සිට ඇති බවත්, එම අවස්ථාවේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ඔහුගේ හිසට පහර දී ඝාතනය කර මුදල් රැගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.

ඝාතනය සිදු වු අවස්ථාවේ එම ඩිපෝවේ ස්ථානභාර නිලධාරිවරයා සහ මුදල් අයකැමි ඩිපෝව තුළ රැඳී සිට ඇතත්, ඔවුන් නින්දට ගොස් සිටියදී මෙම ඝාතනය සිදුකර ඇති බව නුවරඑළිය පොලීසිය සඳහන් කළේය.

ඊයේ (05) හවස එම ඩිපෝවේ ධාවනය කළ බස්වල ආදායම බැංකුගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබු බව නුවරඑළිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියාසිටියේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories